Thursday, April 25, 2024

General line - 0115112241

යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට අබුඩාබි T-10 තරගාවලියට එක්වීමේ අවස්ථාවක්




ශි‍්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩක ධනංජය ලක්ෂාන් මෙවර අබුඩාබි ටී-ටෙන් ක‍්‍රිකට් තරගාවලිය සදහා තෝරාගෙන තිබෙනවා. ඒ නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසින්. මීට පෙර අබුඩාබි ටී-ටෙන් ලීග් කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබුණා.

 වනිදු හසරංග, දසුන් ශානක, තිසර පෙරේරා, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ යන කී‍්‍රඩකයින්ද මෙවර ටී-ටෙන් තරගාවලියට තෝරා ගැනුනු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් කිහිපදෙනෙක්.  

විදෙස් ලීග් තරගාවලි සදහා ශ‍්‍රී ලංකා කී‍්‍ර‍්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබා නොදෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් ප‍්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කී‍්‍ර‍්‍රීඩකයින්ගේ සහභාගීත්වයට කුමක් සිදුවේද යන්න මෙතෙක් ප‍්‍රකාශ වී නැහැ. සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි ටී-ටෙන් ලීග් කි‍්‍රකට් තරගාවලිය එළඹෙන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.