Friday, April 26, 2024

General line - 0115112241

හිරේට ගිය රන්ජන් පිළිබඳව සමගි ජනබලවේගය තීරණයක් ගැනීමට යයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගන්නා බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා කියාසිිටියේ සිය පක්‍ෂයේ නීතිඥ කණ්ඩායම ලබාදෙන උපදෙස් අනුව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ වසර 4 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් නියම කළේ අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. අදාළ නඩුව විභාගයට ගැණුනේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපත්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. 

ශී‍්‍ර ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇති බවත් එම ප‍්‍රකාශය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ කියාසිටියේ.  

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් එම තීන්දුව කිසිදු අධිකරණයකදී යළි අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැහැ. රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා යම්කිසි සමාවක් හිමිවන්නේ නම් ඒ, ජනාධිපති සමාව යටතේ බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ.  

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ නිදහස වෙනුවෙන් නිත්‍යානුකූලව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අරගල කරන බවයි. කිසිවිටෙකත් රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්නොහරින බවද එම සටහනේ දක්වා තිබෙනවා.