Saturday, April 20, 2024

General line - 0115112241

පකිස්තානයේ ප්‍රදේශ රැසක් දින තුනක් තිස්සේ අදුරේ - විදුලි බිද වැටීම මැද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණත් දරැණු වෙයි




පකිස්තානයේ ප්‍රදේශ ගණනාවක පසුගිය සෙනසුරාදා රාත්‍රි හටගත් විදුලි බිද වැටීම තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කිරීමට හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ. 

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ තත්වය හේතුවෙන් පකිස්තානයේ ක්‍රියාත්මක ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දරැණු අතට හැරී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ පකිස්තානයේ කරච්චි ,රාවල්පිණ්ඩි,ලාහෝර්,පෙෂාවෝර්, ඉස්ලාමාබාද් ඇතුලු ප්‍රධාන නගර ගණනාවක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිද වැටුණු අතර මින් ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම් තවමත් යථා තත්වයට පත්කිරීමට හැකිවී නැති පව සදහන් වේ.

කාර්මික දෝෂයක් මීට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ සම්බන්ධයෙන් විදුලි බලධාරීන් හත්දෙනෙකුගේ සේවය මේ වනවිටත් අත්හිටුවා තිබේ.

මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්වය එරට ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා තීවර කිරීමට හේතුවී ඇති බවත් විරැද්ධ පක්ෂවලට නව සටන් පාඨයක් සපයා ඇති බවත්ය.