Tuesday, January 26, 2021

General line - 0115112241

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ - කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

4109Views



සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා.   දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතිය හිමි වූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයට එක් වූ ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, ලක්ෂාන් සදකැන්, නුවන් ප‍්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියට කැදවා තිබෙනවා.

නිමා වූ දකුණු අප‍්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත්. ආබාධවලට ලක්ව සිටි   ඕෂද ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වාට සහ කසුන් රාජිතට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරග සංචාරය  සදහා නම්කර සිටි සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුෂංක යන කි‍්‍රකට් කී‍්‍රඩකයින් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ. ශී‍්‍ර ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල කී‍්‍රඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here