Friday, April 26, 2024

General line - 0115112241

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ එංගලන්තයෙන් මෙරටට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ටයි




බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි විදෙස් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේ.

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා ගෙන් වෛරසය ව්‍යාප්තවීම අවම කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී කොවිඩ් ආසාදිතයෙකු බවට පසුගිය ජනවාරි මස 04 වෙනිදා හඳුනා ගනු ලැබුවා.

රට තුල කොරෝනා වෛරස ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරන ප්‍රදේශවල ආසාදිතයින් ගේ ජෛව සාම්පල් පටක නිරන්තරයෙන්ම ජාන විශ්ලේෂණ පරීක්ෂණ වලට ලක් කිරීම සිදුකරන බව ද නියෝජ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.

එම ජාන විශ්ලේෂණ මගින් සමාජය තුල එම වෛරස් ප්‍රභේද ඇතිවීමේ අවධානමක් ඇත්ද යන්න ගැන දැඩි අවධානයෙන් පසුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.