Thursday, April 25, 2024

General line - 0115112241

කථානායක ඇතුළු පාර්ලිමේන්තුවේ 463 කට පී සී ආර්




පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම අද ආරම්භ කෙරුණා. අද දිනය තුළදී මන්තී‍්‍රවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 463 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමුව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 15 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පී සී ආර් පරීක්‍ෂණවලට යොමු වූ පිරිස අතරට අයත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් යොමුකළ කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්‍ෂණ සිදුකළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම ලබන 18 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවයි. ලබන 19 වනදා සිට ආරම්භවීමට නියමිත පාර්ලිමේන්තු සැසියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සදහා එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණා.