Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 50,000 ඉක්මවයි : අද ආසාදිතයින් 692ක්




මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 692ක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6,718ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 43,267ක් වනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹුණු කොරෝනා දෙවන රැල්ලෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 46,457ක් වනවා.