Thursday, March 28, 2024

General line - 0115112241

විදෙස්ගත ලාංකිකයින් 800ක් අද දිවයිනට රැගෙන එන බව යුද හමුදාපති කියයි




විදෙස් ගතව සිටි ශී‍්‍ර ලාංකිකයින් 800 කට ආසන්න පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔවුන් ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

මේ දක්වා මෙරටදී පුද්ගලයින් 83,862 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කෙරුණු අතර ඉන් 71,000 කට ආසන්න සංඛ්‍යාවක් විදෙස් ගතව සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.