Tuesday, April 23, 2024

General line - 0115112241

සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට මුල්තැන දෙමින් හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය සමරයි

මාධව කුලසූරිය / රංජිත් රාජපක්‍ෂ




සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට මුල්තැන දෙමින් මෙරට හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා. උතුර සහ වතුකරයේ හින්දු ජනතාව සිය ගම්මානවල කෝවිල් වෙත ගොස් සිය ආගමික කටයුතු සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. මේ, නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය.

වතුකරයේ කෝවිල්ද සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ ආගමික වතාවත් සිදු කළ බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්‍ෂ පැවසුවේ.

අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සංවිධාන කෙරෙන ආගමික සහ දානමය කටයුතුවලදී සෞඛ්‍ය ක‍්‍රමවේද අනුව කටයුතු කරන ලෙසයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හින්දු බැතුමතුන්ගෙන් යළිත් ඉල්ලීමක් කළේ.