Friday, April 26, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වන වරටත් බින්දුවට දැවී යයි - ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායකත්වයේ හදිසි වෙනසක්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ  ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වුණා. ඇගිල්ලක ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙම තරගයට කී‍්‍රඩා නොකරන අතර දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 3 ක් දැවී ලකුණු සංඛ්‍යාව 65 ක් ලබා සිටියා.

ලහිරු තිරිමාන්න ලකුණු 4 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා රැස් කළේ ලකුණු 20 ක් පමණයි.

මෙම තරගයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී යළිත් ලකුණු නොලබා දැවීයාම කැපී පෙනුනා. ඔහු ලකුණු නොලබා දැවී ගියේ පිට පිට සිව් වන වරටයි. දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයින් යළි අවස්ථාව ලබාදීම බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා සිටිනවා. පන්දු යැවීමේදී ස්ටුවට් බ්‍රෝඞ් කඩුළු 2 ක් සහ දොම් බෙස් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.