Friday, April 19, 2024

General line - 0115112241

මාස 10 කට පසුව චීනයෙන් කොවිඩ් ආසාදිත මරණයක් : කොවිඩ් රෝගීන් 45ක් නිසා මිලියන 5 කට ජනතාවක් වෙසෙන නගරයක් හුදෙකලා කරයි




මාස 08 කට පසුව පළමු වරට චීනයෙන් කොරෝනා ආසාදිත මරණයක් අද දිනයේදී වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම මරණය චීනයේ හෙබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරන්නේ. ගතවූ සති කිහිපය තුලදී චීනය තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යලිත් වැඩි වෙමින් පවති.

ගතවු කාල සීමාවට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වූ 138 දෙනෙකු පසුගිය අඟහරුවාදා වාර්තා වූ බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කර සිටින්නේ. 

මේ අතර නිරිතදිග හෙයිලෝජීයාංග් ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ අවධානමක් ඇතිව තිබෙනවා. මිලියන 37ක ජනතාවක් ජිවත් වෙන මෙම හෙයිලෝජීයාංග් ප්‍රාන්තයට ඊයේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

චිනයේ නව අවුරුදු සැමරීම පෙබරවාරි මස 12 වෙනිදාට යෙදී තිබෙන අතර වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තමන්ගේ නිවෙස් කරා ගමන් කිරිමට ආරම්භ කිරීමත් සමග වෛරස ව්‍යාප්තිය වේගවත් වෙනු ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් අවධාරණය කර සිටින්නේ.

මේ වන විට උතුරු දිග චීනයේ මිලියන 20ක පමණ ජනතාවක් නිවෙස් තුල හුදෙකලා කිරිමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර මිලියන 5.2 ක ජනතාවක් වෙසෙන චීනයේ Suiha නගරය හුදෙකලා කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබ තිබෙනවා. ඒ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

මේ වන විට චීනයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන ආකාරයෙන් එරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 87,844ක් වන අතර මරණ සංඛ්‍යාව 4,635ක් වේ.