Friday, March 29, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ




දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියේටර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් අද පස්වරුවේ විවෘත කෙරුණා. හොරණ, වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155 ක භූමියක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා.

පළමු අදියර යටතේ ඒ සදහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන සියයක්. යුරෝපා තාක්‍ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණවලින් මෙම ටයර් කර්මාන්ත ශාලාව සමන්විතයි. මෝටර් රථ, යතුරු පැදි, ති‍්‍රරෝද රථ ඇතුළු ලෝක වෙළදපොලට අවශ්‍ය ටයර් වර්ග මෙහි නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව එම නිෂ්පාදනයෙන් සියයට 80 ක් අපනයනය කෙරෙන අතර ඉතිරි සියයට විස්ස දේශීය වෙළදපොළට සැපයීමට නියමිතයි. ප‍්‍රථම නිෂ්පාදන තොගය අමෙරිකාවට අපනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම නව ටයර් කර්මාන්ත ශාලාව හරහා මෙරට අපනයන වෙළදපොළ ප‍්‍රවර්ධනය, ඍජු හා වක‍්‍ර රැකියා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම මෙම කර්මාන්ත ශාලාවෙන් හිමිවන තවත් ප‍්‍රතිලාභයක්. දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට මැතිඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා. මේ එහිදී අදහස් පළ කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ.