Friday, March 29, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගණයේ දී දියාරූ වූ ශ්‍රී ලංකා පිතිකරණය




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පළමු ඉනිමේදී කණ්ඩායමක් රැුස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ශී‍්‍ර ලංකා කණ්ඩායම අද වාර්තා කළා. ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සිය පළමු ඉනිම සදහා ලකුණු 135 ක් රැස් කරමින්.

ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් එංගලන්ත පන්දු යවන්නන් මෙම තරගයේදී සාර්ථක ඵල නෙලා ගත්තා. කුසල් මෙන්ඩිස් අද තරගයේදී වාර්තා පොත් අතරට එක් වුණේ පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය 3 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්. මීට පෙර ගයි ද අල්විස් සහ නුවන් ප‍්‍රදීප් මෙලෙස පිට පිට ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.

එමෙන්ම මුල්පෙළ පිතිකරුවන් අතරින් පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය සිව් වන කී‍්‍රඩකයා ලෙසද කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක් වුණා. මීට පෙර මුල්පෙළ පිතිකරුවන් වන ඉන්දියාවේ පන්කාච් රෝයි, නවසීලන්තයේ ලෝරි මිලර්, ඔස්ටේ‍්‍රලියාවේ මාර්ක් වෝ මෙලෙස පිට පිට ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබුණා. 

අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 27 ක් රැුස් කළා. මැතිව්ස් අද තරගයේදී ටෙස්ට් ලකුණු හය දහසේ සීමාව පසු කළ අතර ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ 5 වන ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසයි. දිනේෂ් චන්දිමාල්ද අද තරගයේදී ටෙස්ට් ලකුණු 4,000 සීමාව පසු කිරීමද විශේෂත්වයක්. 

සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමා වනවිට කඩුළු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා. සාක් ක‍්‍රවුලි ලකුණු 9 කටත් දොම් සිබ්ලි ලකුණු 4 කටත් දැවී ගියා. එම කඩුළු දෙකම දවා ගත්තේ ලසිත් ඇඹුල්දෙණියයි.

මේ අතර ශී‍්‍ර ලංකා එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාලූ කොටු පවුරේ සිට නරඹමින් සිටි එංගලන්ත ජාතිකයෙකු පොලීසිය විසින් එම ස්ථානයෙන් අද ඉවත් කළා. ගාලූ කොටු පවුර මතට ජනතාව රොක්වන බැවින් තරගය නැරඹීම සදහා එහි පැමිණි සියළු දෙනා ඉන් ඉවත් කිරිමට පොලීසිය පියවර ගත්තා. මෙලෙස ඉවත් කෙරුණු එංගලන්ත ජාතිකයා එරට සුප‍්‍රකට කි‍්‍රකට් ලෝලීන් පිරිසක් බාමි ආමි සමාජයේ සාමාජිකයෙකු වන අතර ඔහු මෙම තරගය නැරඹීම සදහා මාස 10 කට ආසන්න කාලයක් ශී‍්‍ර ලංකාවේ රැුදී සිට තිබෙනවා.