මෙරටින් වාර්තා වූ බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයාගෙන් මෙරට සමාජයට කිසිදු බලපැමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියාසිටියා. එලෙස හදුනා ගැනුණු කොරෝනා ආසාදිතයා වන්නේ එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ මොයින් අලීයි. මෙරට පැමිණෙන විදේශිකයන් පිළිබද දැඩි අවධානයෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරද අද පැවති මාධ්‍ය හමුවකදී බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය සහ මෙරටින් වාර්තා වූ ආසාදිත පුද්ගලයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ මෙරට ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය මෙතෙක් සමාජගත වී නොමැති බවයි.
බොහෝ දුරට ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත ඉදිරියේදී ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියාසිටියේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here