Thursday, April 25, 2024

General line - 0115112241

චීනය කොරෝනා රෙගුලාසි දැඩි කරයි - මිලියන 250 කට ගමිබිම් වෙත යාම තහනම් වන ලකුණු




එළඹෙන අලූත් අවුරුදු උත්සව සමයේදී සංචාරවල නිරතවීමෙන් වළකින්නැයි චීනය, එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, මාස 10 කට පසුව චීනයෙන් වාර්තාගත දෛනික කොරෝනා ආසාදිතයින් පිිරිසක් ඊයේ වාර්තාවීමත් සමගයි.

ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 144 දෙනෙකු හඳුනාගෙන තිබුණා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනයේ මිලියන 25 ක පමණ ජනතාවක් මේවනවිටත් හුදෙකලා කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ නගරයේ සිටින වැසියන් ගම්බිම් බලා සංචාරය කිරීමෙන් වළකින ලෙසයි බලධාරීන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව චීනයේ නාගරික ප‍්‍රදේශවල සේවය කරන මිලියන 280 ක් පමණ ශ‍්‍රමිකයින්ට අලූත් අවුරුදු උදාවට සමගාමීව සිය ගම්බිම් බලායාමට නොහැකි වනු ඇතිබවයි පැවසෙන්නේ.

මේ අතර ප‍්‍රංශයට පනවා ඇති ඇඳිරි නීතිය ද තවදුරටත් තර කර තිබෙනවා. ඒ අනුව හෙට සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රංශය පුරා පස්වරු 06 සිට පසුදා උදෑසන 06 තෙක් ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනු ඇති. මේවනවිට ප‍්‍රංශය තුළ ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 08 සිට පසුදා උදෑසන 06 දක්වා පමණයි.