Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහි වූ 200ක් අත්අඩංගුවට




ශී‍්‍ර ලංකාවට එරෙහිව චෙන්නායි නුවර විරෝධතාවයේ නිරත වූ දෙසියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූයේ චෙන්නායි නුවර පිහිටි ශී‍්‍ර ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටයි.

තමිල්නාඩුවේ දමිල දේශපාලන පක්ෂයක් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

යුද සමයේ සිදු වූ බව කියන විවිධ සිද්ධින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඊට එක්වූවන් පැවසුවේ 2009 වසරේදී ශී‍්‍ර ලංකාවේ සරණාගත කඳවුරකදී සිදු වූ බව කියන පුද්ගලයින් 104 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සැක සහිත බවයි.

කිසිදු රජයකින් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔවුන් මෙහිදී කියා සිටියා.

පසුව මෙම පිරිස නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට නීති විරෝධිව ඇතුළුවීමට උත්සහ දැරුවා.ඒ සමගම කි‍්‍රයාත්මක වූ තමිල්නාඩු පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.