Friday, March 29, 2024

General line - 0115112241

එංගලන්ත කි‍්‍රකට් නායකයාගෙන් ගාල්ලේදී ද්විත්ව ශතකයක්




ශී‍්‍ර ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙස නායක ජෝ රූට් අද වාර්තා පොත් අතරට එක් වුණා. ඒ සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් කී‍්‍රකට් තරගයේදීයි. එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 421ක් රැස් කළ අතර එහිදී නායක ජෝ රූට් අගනා ඉනිමක් කී‍්‍රඩා කරමින් රැුස් කළ ලකුණු සංඛ්‍යාව 228 ක්. එංගලන්ත නායක ජෝ රූට් අද වාර්තා කළේ සිය ටෙස්ට් කිි‍්‍රකට් දිවියේ සිවුවන ද්විත්ව ශතකයයි. 

එමෙන්ම අද තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කිරීමටද සමත් වුණා. ඒ අනුව ඔහු අද වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කළ 7 වන එංගලන්ත පිතිකරුවා ලෙසටයි. කෙවින් පීටර්සන්ගෙන් පසු අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙසද ජෝ රූට් අද වාර්තා පොත් අතරට එක්වීම කැපී පෙනුනා. කෙවින් පීටර්සන් ටෙස්ට් ලකුණු 8000 පසු කිරීමට ටෙස්ට් ඉනිම් 176ක් වැය කළ අතර ජෝ රූට් ඒ සදහා වැය කළ ටෙස්ට් ඉනිම් සංඛ්‍යාව 178ක්. 

මෙම තරගයේ්දී පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලූ 4ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් වුණා. අසිත ප‍්‍රනාන්දු ලකුණු 35කට කඩුලූ දෙකයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 135ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම නිමා කළේ ලකුණු 286 ක් ඉදිරියෙන් සිටිමින්. ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි.