Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට පාපන්දු ලීග් 2021 තරඟාවලිය 17 වනදා සිට




හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" 2021 ජනවාරි 17 දින ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් 05 ක් තරගවැදීමට නියමිතයි..
තරගාවලියට එක්වන කණ්ඩායම් 05.

01.   තංගල්ල ලා ටැංගෝලියන්ස්
02.    බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය
03.   අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය
04.   හම්බන්තොට වයිට් ටයිගර්ස්
05.   කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය

මෙම  කණ්ඩායම් 05 තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණවලදී තරග වැදීමට නියමිත අතර තරග මාස එක හමාරක් කාලයක් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

අවසන් මහා තරගය තංගල්ල මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී 2021.02.28 වන දින රාත්‍රී 6.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය හා මුදලින් ත්‍යාග පිරිනැමෙන අතර අනුශූරයින්අට නුශූරතාවය සමග මුදලින් ත්‍යාග පිරිනැමෙනවා. සෑම තරගයකම දක්ෂතම ක්‍රීඩකයාට කුසලාන පිරිනැමීමට නියමිතයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නාටද සම්මාන පිරිනැමෙනවා. තරගාවලියේ වැඩිම ගෝල් ලබාගන්නා ක්‍රීඩකයා සහ අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ගෝල් රකින්නා යන ක්‍රීඩකයින්ට කුසලාන පිරිනැමීම.
මෙම තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා දිස්ත්‍රික් පුහුණු සංචිතයක් සකස් කිරීම සිදු වනවා.