Friday, April 19, 2024

General line - 0115112241

බස්නාහිර හැර සෙසු පළාත්වල උපකාරක පංති පැවැත්වීමට අවසර




බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ලබන 25 වනදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති පමණක් ප‍්‍රථම අදියර යටතේ ආරම්භ කරන ලෙසට එම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

බස්නාහිර පළාතේ උපකාරක පන්ති සම්බන්ධයෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අදහස් පළ කළා.

මේ අතර බස්නාහිර පළාතේ හා හුදෙකලා කළ ප‍්‍රදේශ හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශවල දහම් පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.