Friday, April 26, 2024

General line - 0115112241

රංජන්ගේ වරප‍්‍රසාදයක් ගැන සමගි ජනබලවේගය සුබවාදී බලාපොරොත්තුවක




සිරදඩුවමකට ලක්ව බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර ප‍්‍රකාශ කළේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ මන්ති‍්‍ර ධුරය ආරක්‍ෂා කිරීමට සිය සාමාජිකයන් සියලූ දෙනා කැපවී සිටින බවයි.

අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාට බරපතල වැඩ සහිත වසර 4 ක සිරදඩුවමක් ඉකුත් 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාරය තුළ විශේෂ වරප‍්‍රසාද ලබාදී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියාසිටියා.