Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිගෙන්, වනජීවී නිලධාරීන්ට යලි දැනුම් දීමක්




රක්‍ෂිත ප‍්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට එම ඉඩම්වල වගාකිරීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට අද යළි දැනුම් දුන්නා. ඒ, මැදිරිගිරිය, දහම්වැව, වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ‘‘ගම සමග පිළිසඳර’’ වැඩසටහනට එක්වෙමින්.

එම ඉඩම්වල වගා කිරීමේදී තමන් මුහුණපා ඇති ගැටළුවක් පිළිබද ප‍්‍රදේශයේ ගොවි මහතෙකු අදහස් පළ කළ අතර ඊට අදාළ නිලධාරියෙකු පිළිතුරු ලබාදුන්නා. ඉන්පසු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහද පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජනතාව මුහුණ දෙන ගැටළුවක් පිළිබද අදහස් පළ කළ අතර එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට කියාසිටියේ් මීට පෙර රජයේ රක්‍ෂිත ප‍්‍රදේශවල වගා කළ ගොවීන්ට ඒ සදහා අවස්ථාව සලසන ලෙසයි.

මැදිරිගිරිය, දහම්වැව, වෙඩිකච්චිය ගම්මානයේදී අද පැවැත්වුණේ ගම සමග පිළිසඳර වැඩසටහනේ හය වන අදියරයි. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එක්ව සිටි අතර ඔහුද එහිදී පැමිණ සිටි ජනතාව හමුවේ මෙලෙස අදහස් පළ කළා.