Thursday, April 25, 2024

General line - 0115112241

වරායේ සාකච්ජාව විසදුමකින් තොරව අවසන්




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව සමග අද පැවති සාකච්ඡුාව විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා. වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැය දෙකක පමණ කාලයක් මෙම සාකච්ජාව පැවැත්වුණා. වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශිලි වරාය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න කියාසිටියේ වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23 ක් සකස් කළ යෝජනාවලිය ලබන සිකුරාදා එම කැබිනට් අනුකමිටුවට ලබාදෙන බවයි. 

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ කළා. ඒ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන්. පෙත්සමට අත්සන් තැබීමෙන් අනතුරු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත මෙලෙස අදහස් පළ කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනතාව පෙළ ගස්වන බවයි එහිදී අදහස් පළ කළ එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ කියාසිටියේ.

කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ විපක්‍ෂය චෝදනා කළද රටට හානිදායක කිසිදු ජාත්‍යන්තර හෝ වෙළද ගණුදෙනුවකට වත්මන් රජය අත්සන් නොකරන බවයි.