Thursday, April 25, 2024

General line - 0115112241

මොයින් අලී පුර්ණ සුව අතට : දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සුදානම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා කඩුලූ 2 දැවී ලකුණු 156ක් ලබා සිටියා. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා අද සියල්ලන් දැවී ලකුණූ 421ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 135ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම තවත් ලකුණු 130ක් රැස්කර ගත යුතුයි. ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේ ආරම්භක පිිතිකරුවන් ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් සහ ලහිරු තිරිමාන්න සිය කණ්ඩායමට දෙවන ඉනිමේදී සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සදහා ලකුණු 101 ක සබදතාවක් ගොඩනැගුවා.

කුසල් ජනිත් දැවී ගියේ ලකුණු 62ක් ලබා සිටියදීයි. පිට පිටම ඉනිම් 4කදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ලකුණු 15කට දැවී ගියා. ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබ නොදැවී පන්දුවට පහරදෙනවා. ඔහු සමග නොදැවී පන්දුවට පහර දෙන්නේ සැදෑ පිතිකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියයි. 

මේ අතර කොරෝනා වෛසරය ආසාදනය වූ එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක මොයීන් අලි අද සිය කණ්ඩායම සමග එක් වුණා. ඒ සිය දින 13ක හුදකලා කාලසීමාව නිමා කරමින්. බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කෝරොනා වෛරස් ප‍්‍රභේදය මොයීන් අලීට මෙලෙස ආසාදිනය වී තිබූ අතර එවැනි ආසාදිතයෙකු මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. මේ වන විට සුවය ලබා සිටින මොයීන් අලි ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කිරීමේ අපේකෂාවෙන් සිටිනවා.