Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රසීලයේ චීන කොරෝනා වැක්සීනය අර්බුදයක




චීනයේ සිනොවැක් සමාගම මගින් නිෂ්පාදනය කරන කොරෝනාවැක් කොරෝනා වැක්සීනය පිලිබද තැබූ බලාපොරොත්තු අතහැර ගැනීමට,සිදුව ඇතැයි බ්‍රසීල සෙෘඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් නිවියෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ වැක්සීනය බ්‍රසීලය  තුළ,අත්හදා බලමින් සිටි සාඕපාලෝහි බුටන්ටන් පර්යේෂණ ආයතනයේ විශේෂඥයන් සදහන් කර ඇත්තේ එන්නතේ සාර්ථකභාවය සියයට පනහක් පමණවීම ඊට හේතුව බවයි.

මෙය අඩු වියදමිකින්,  කඩිනමින් නිෂ්පාදනය කළ හැකි එන්නතක් ⁣ලෙසට බලාපොරොත්තු තබා තිබුණත් මේ තත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වූ බලාපොරොත්තු බිදවැටී ඇති බව එම විශේෂඥයන් වැඩිදුරටත්  ප්‍රකාශ කර තිබේ.

 දැනටමත් රටවල් 10 ක් විසින්  මෙම එන්නත් මිලියන 380 ක් පමණ ඉල්ලුම් කර ඇති අතර නව තත්වය හේතුවෙන් එම රටවල් සහ නිෂ්පාදකයන්ද අර්බුදයකට මුහුණ දී ඇති බව නිවියෝර්ක් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වැක්සීනයක් අවම වශයෙන් සියයට හැත්තෑ අටකවත්  සාර්ථකභාවයක් තහවුරැ කළ යුතු බවයි.