Saturday, April 20, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ තීරණ රැසක් ආපසු හැරවීමට බයිඞ්න් සූදානමින්




අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම විධායක නියෝග කිහිපයකටම අත්සන් තැබීමට ජෝ බයිඞ්න් සූදානම් වනවා. එලෙස අත්සන් තැබෙන විධායක නියෝග හරහා, වත්මන් ජනාධිපති ඩොනල්ජ් ට‍්‍රම්ප් විසින් සිය ධූරකාලයේදී ගනු ලැබූ තීරණ රැසක්ම වෙනස් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව මුස්ලිම් රටවල වැසියන්, අමෙරිකාවට ඇතුළුවීම සීමා කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත් තීරණය, ජෝ බයිඞ්න් සිය විධායක නියෝගයක් හරහා යළි හරවනු ඇති. ඊට අමතරව, ඩොනල්ඞ් ට‍්‍රම්ප්, අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී, සිය ධූර කාලයේ මුල් දින 10 තුළ ගනු ලැබූ තීරණ රැුසක් ද, ජෝ බයිඞ්න් විසින් ආපසු හැරවීට නියමිතයි. 

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ට‍්‍රම්ප් ගනු ලැබූ ඇතැම් තීරණ, පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම හා මිලියන ගණනකට පුරවැසිභාවය හිමිවන සංක‍්‍රමණික නීති වැනි දෑ ද ඒ අතරට ඇතුළත්.

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඞ්න් ලබන 20 වනදා වොෂිංටන් අගනුවරදී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.