Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා, දකුණු අපි‍්‍රකාවේ රෝහල් පද්ධතිය බිඳ දමයි




කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග දකුණු අපි‍්‍රකාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් ද රෝගීන්ගෙන් පිරී පවතින බවයි. ඒ අනුව ඉතා ඉක්මනින් දකුණු අපි‍්‍රකාවේ රෝහල් පද්ධතිය ධාරිතාවය ද ඉක්මවා රෝගීන්ගෙන් පිරී යනු ඇති බවටයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. රෝහලක ඇඳක් හිසුවූ වහාම එයට යොමු වීම සඳහා රෝගීන් 10 දෙනෙකු පමණ රෝහල්වලට ඇතුළත්ව සිටින බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. 

ඇතැම් රෝහල්වලට එම තත්ත්වය දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් වාර්තා වනවා. ඉකුත් සතියේදී පමණක් දකුණු අපි‍්‍රකාවෙන් කොරෝනා ආසාදිතයින් 130,000 ක් පමණ වාර්තා වී ඇත්තේ මරණ 4,000 ක්ද සමගයි. 

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේවනවිටත් දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රාන්ත 09 ක් පුරා පැතිර පවතින බවයි විදෙස් වාර්තා පැවසුවේ. එසේම එම වෛරස් ප‍්‍රභේදය ඉතා ඉක්මනින් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්පේ‍්‍රෂණය වන බවයි මේවනවිට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. කෙසේවෙතත්, වෛරසය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා තිබෙනවා.