Saturday, March 6, 2021

General line - 0115112241

කොළඹ කොටස් වෙළඳපලේ වාර්තාගත ගනුදෙනුවක්

1846Views



කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද ඉතිහාස ගත ලෙස ඉහළ ගියා. ඒ අනුව අද වාර්තා වුණේ සියලූ කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ ඉහළම අගයයි. මීට පෙර මෙලෙස කොළඹ කොටස් වෙළඳපලේ සියලූ කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කර තිබුණේ 2011 පෙබරවාරි 14 දිනයි. එම වසරේ සියලූ කොටස් මිල දර්ශකයේ වැඩිම අගය ඒකක 7,811.80 ක් ලෙස සටහන් වුණා. 

අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක 7,922 යි දශම 6 යි 6 ක් ලෙසින් දැක්වුණේ පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09 ක ඉහළයාමක් ද සටහන් කරමින්. අද දිනයේ සමාගම් 
03 ක රුපියල් බිලියනය ඉක්මවූ කොටස් ගනුදෙනු වාර්තා වී තිබීම ද විශේෂත්වයක්. 

අද දිනයේ කොටස් ගනුදෙනු 67, 000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ දිනක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවයි. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here