Friday, April 19, 2024

General line - 0115112241

ලෝක එන්නත් වල ගුණ අගුණ ගැන ශ‍්‍රී ලංකාව අවදියෙන්




ලොව පුරා මේවනවිට අත්හදා බලමින් සහ එන්නත් කරමින් සිටින කොරෝනා මර්ධන එන්නත්වල ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැඩි අවදානයෙන් පසුවන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ, ලොව පුරා කතාබහට ලක්වූ කොරෝනා මර්ධන එන්නතක් ලබාගත් නෝර්වේ රාජ්‍යයෙන් පුද්ගල මරණ වාර්තාවීම හේතුවෙන්. මෙරටට ලබා ගන්නා එන්නත සම්බන්ධයෙන් මෙම සතියේදී ප‍්‍රකාශයක් සිදුකරනු ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඊට එක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ සමාජයෙන් රෝගීන් වාර්තාවන පසුබිමක ශ‍්‍රී ලංකාව තුළ තවමත් කොරෝනා වෛරසය සමාජ ගතවී නොමැති ද යන්නයි. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 649 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 45,820 ක්.