Saturday, April 20, 2024

General line - 0115112241

යුක්රේන සංචාරකයින් මිලියන 420 ක් ශ‍්‍රී ලංකාවට දෙයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




යුක්රේන සංචාරකයින් ගෙන්වා ගනිමින් මේවනවිට කි‍්‍රයාත්මක සංචාරය නියමු ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබී ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසනවා. මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ වූයේ ඉකුත් දෙසැම්බර් 26 වනදායි. මේ දක්වා යුක්රේන සංචාරකයින් 1500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ. 

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මාධ්‍ය වෙත අද ප‍්‍රකාශ කළේ මෙම නියමු ව්‍යාපෘතියේ සිදුවූ සියලූ අඩුපාඩු නිවැරදි කර නව මාර්ගෝපදේශ අනුව ලබන 21 වනදා සිට සංචාරකයින් දිවයිනට ගෙන්වා ගන්නා බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නවාතැන් සැපයීමට හෝටල් 180 ක් මේවනවිටත් හඳුනාගෙන ඇති බවයි. 

මේ අතර මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් 45 දෙනෙකු අද දහවල් සීගිරියේ සංචාරයක ද නිරත වුණා.