Wednesday, April 24, 2024

General line - 0115112241

කළමණාකාරීත්වයෙන් ඉවත් වුවත් අසන්ත ද මැල් දිගටම තේරීම් කමිටු සභාපති තනතුරේ




එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාර තනතුරින් ඉවත් වීමට අසන්ත ද මෙල් තීරණය කර තිබෙනවා.

තමන් කළමණාකාරීත්වයේ රැඳී සිටියේ තාවකාලික බවද එය තමන්ගේ වෙනත් වගකීම් ඉටු කිරීමට අපහසුවක් වී ඇතැයිද ඔහු කියා සිටිනවා.

කෙසේවෙතත් තමන් තවදුරටත් තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන බවයි අසන්ත ද මෙල් නෙත් ස්පොර්ට්ස්මන් වෙත කියා සිටියේ.එහි වගකීම් ඉටු කරනුයේද කොළඹ රැඳී සිටිමින් බවත් කිසිඳු සංචාරයකට එක් වීමට තමන් අදහස් නොකරන බවද ඔහු පවසනවා.