Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිවුදෙනෙකුට කොරොනා




ශ්‍රේෂ්ඨාධිකරණ සංකිීර්ණයේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 

එහි සේවකයින් සිය දෙනෙකු අහඹු පී සී ආර් පරීක්ෂණ ස`දහා යොමු කෙරුණු අතර ඉන් සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණ සංකිීර්ණයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට, නීතිඥ සහයෙකුට, ගෘහ පාලන අංශයේ සේවිකාවකට සහ පටිගත කිරීම් අංශයේ කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 

මේ අතර අරණායක දික්පිටිය ප‍්‍රදේශයේ පාසල් දෙකක් අද වසා දැමුණා. ඒ, විල්පොල ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් පැවතීම හේතුවෙන්. මේ අතර රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැදවිමින් අදහස් පල කළා. 

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ ස`දහන් කළේ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා ආවධානම තත්ත්වයන් පිළිබ`ද ජනතාවට නිසි ලෙස සන්නිවේදනය කළ යුතු බවයි.

මේ වන විට එංගලන්තයේ නව කොරෝනා රෝග ලක්ෂණ මතුවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන්ද අවධානයෙන් පසුවිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද හතලිස් හත් දහසේ සීමාව ඉක්මවා ගියා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 621 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 47,215 දෙනෙකු මෙරටදී සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්්‍යංශය පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද සුව ලබා සිය නිවස වෙත පැමිණියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් පළමුවරට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටයි. ඉකුත් ජනවාරි මස 8 වැනිදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හික්කඩුවේ පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණා. සුවය ලබා කොළඹ පිහිටි නිවස වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට තවත් දින 7ක කාලයක් නිවස තුළ ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ.