Friday, April 19, 2024

General line - 0115112241

ගුවන් තොටුපොළ විවෘත කිරීමට සියල්ල සූදානම් - සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය අනිද්දා දිවයිනට




මාස 10කට ආසන්න කාලයක් වසා දැමුණු ගුවන් තොටුපොළ හෙට සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරෙනවා.

ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ඇතුලූ ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ අද නීර්ක්ෂණ චාරිකාවකටද එක්වුණා.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සෞඛ්‍ය පහසුකම් සහ නිරෝධායන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ අමාත්‍යවරයා ඇතුලූ පිරිසගේ නිරීක්ෂණයට යොමු වූ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු ටී කේ ජි කපිල පැවසුවේ. 

කටුනායක ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ පැමිණෙන සංචාරකයින් සහ මෙරට ජනතාව කිසි ලෙසකින් හෝ එක්වීමක් නොවන අයුරින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි.

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට අනිද්දා අළුයම 02යි 15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.