Friday, April 19, 2024

General line - 0115112241

අයුතු හැසිරීම් චෝදනා එල්ල වූ ක‍්‍රීඩකයා ගැන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තාවක් කැඳවයි




මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් ක‍්‍රීඩකයෙක් සහ කණ්ඩායමට අනුයුක්ත කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක් වැරදි ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබෙනවා. 

අදාළ වාර්තාවල බරපතලකම සැලකිල්ලට ගනිමින්, ඒවායේ සත්‍ය - අසත්‍ය බව සොයා බලා සිද්ධිය පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල්ට උපදෙස් දී ඇත්තේ. 

කණ්ඩායම් කළමනාකරු එම වාර්තාව ඉදිරිපත් කළ පසු අවශ්‍ය වුවහොත් සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ. විනය විරෝධී කි‍්‍රයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිය ආයතනය දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එවැනි සිද්ධියකට වරදකරු බව ඔප්පු වුවහොත්  ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්. 

මේ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ බිනුර ප‍්‍රනාන්දුට සහ චාමික කරුණාරත්නට එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, මේ දිනවල එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කළ කණ්ඩායමට එම ක‍්‍රීඩකයින් දෙදෙනා ඇතුළත්ව නැහැ.