Friday, April 19, 2024

General line - 0115112241

ඩයලොග් එන්ටප්‍රයිස් VDOmeet ඔස්සේ තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට වීඩියෝ උපදේශන සේවා සඳහා පහසුකම් සලසයි




කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට සේවා සැලසීම සඳහා VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම මගින් ඔවුන් බලගැන්වීමට කටයුතු කර තිබේ.

VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ ආයතනික හෝ උපදේශන සේවා ආයතනයකට ඔවුන්ගේ ගනුදෙනුකාරභවතෙකුට link එකක් හරහා වීඩියෝ ඇමතුමකට මුලපුරමින් එම link එක පාරිභෝගිකයාට යොමු කළ හැකි අතර, මේ තුළින් පාරිභෝගිකයාට link එක ක්ලික් කර තමන්ට සේවාව සලසන පුද්ගලයා පෞද්ගලිකව හමුනොවී virtual ක්‍රමයට හමුවිය හැකීයි. ඕනෑම මෙහෙයුම් පද්ධතියකට ගැලපෙන අයුරින් සකස් වී තිබෙන මෙම පහසුකම සඳහා පෙර පිහිටැවුමක් හෝ බාගත කිරීමක් අවශ්‍ය නොවේ. මීට අමතරව ඕනෑම මොබයිල් වෙබ් බ්‍රවුසරයක් හරහා මෙම සන්නිවේදන සේවා පහසුකම ලබාගැනීමේ හැකියාව පවතින අතර, ආයතනික ගනුදෙනුකරුවන්ට ඇමතුම් පටිගත කර, screen shots ගැනීමට හෝ ඇමතුම් ලබාගත් දින සිට දින 30 ක් දක්වා පටිගත වූ වීඩියෝ නැරඹීමේ හැකියාව සමඟ අවශ්‍යතාවය මත එම වීඩියෝ තම පෞද්ගලික cloud storage එකට බාගත කිරීමේ අමතර පහසුකමද හිමිව තිබේ. පාරිභෝගිකයන්ට http://vdomeet.lk/ වෙත පිවිස VDOmeet සඳහා sign-up විය හැක.


රටේ සන්නිවේදන භාවිතයේ සීඝ්‍ර වෙනසක් ඇති කරන්නට කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතු වී තිබේ. වෘත්තීයවේදීන් සහ ආයතනවලට සේවා සැලසීමට අමතරව, VDOmeet පහසුකම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයටද නම්‍යශීලී ක්‍රමවේදයකට පහසුකම් සැලසෙන අතර මේ තුළින් ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩලවලට තම සිසුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව සිදුවන බව සනාථ කරගැනීමට මෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ එහි වෘත්තීයවේදීන්ට ශක්‍ය සහ තිරසර ටෙලිසෞඛ්‍ය විසඳුමක්ද ලබාදෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙවර බලගැන්වීම වෙනුවෙන් ඩයලොග් විසින් හඳුන්වාදුන් තවත් සුවිශේෂී පහසුකමක් ලෙස පමණක් නොව ඩිජිටල් පරිවර්තනයක් කරා යන මෙරට විදුලි සංදේශ කර්මානත ක්ෂේත්‍රයේ ගමන් මගට VDOmeet පහසුකම වටිනාකමක් එක් කිරීමටද සමත්ව ඇත.

 

වැඩි විස්තර සඳහා http://vdomeet.lk/ වෙත පිවිසෙන්න.