Friday, April 26, 2024

General line - 0115112241

ගෞරවය රැක ගන්න ශී‍්‍ර ලංකා පිල අද ගාලූ පිටියට




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වනවා. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. 

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ මෙම තරගය ජයගෙන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ අරමුණින්. නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේදීත් ශී‍්‍ර ලංකා පිලට නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල්. 

යොවුන් කී‍්‍රඩක රමේෂ් මෙන්ඩිස්ට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. කුසල් මෙන්ඩිස් වෙනුවට   ඕෂද ප‍්‍රනාන්දු අද තරගයට කී‍්‍රඩා කිරීමට නියමිතයි.