Friday, March 29, 2024

General line - 0115112241

නිදහස් දින උත්සවයට සහභාගිවීමට සුදානම් වූ සිසු සිසුවියන් ගේ PCR පරීක්ෂණයෙන් හෙළිවූ කොවිඩ් පොකුර




බදුල්ල, පස්සර ජාතික පාසැලේ කොවිඩ් -19 වෛරසය ආසාදනය සිසු සිසුවියන් සංඛ්‍යාව මේ වන විට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයායා සඳහන් කර සිටිනවා.

පෙබරවාරි මස 04 වෙනිදා පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී කරවීම සඳහා පාසැල් සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස සිදුකළ දැනුම් දීමක් අනුව සිසුවියන් 03 දෙනෙකු පසුගිය 18 වෙනිදා PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම PCR පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි පස්සර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙම කොරෝනා ආසාදිත සිසුන්ගේ ආශ්‍රිතයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ PCR පරීක්ෂණ වලින් තවත් සිසුන් 07 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව පස්සර ජාතික පාසැලේ 12 සහ 13 වන ශ්‍රේණියේ පන්ති වසා දැමීමට උපදෙස් ලබාදුන් බවත් එම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කලේ.