Friday, April 26, 2024

General line - 0115112241

කොවිඞ් එන්නත් ලබාදීම ගැන හෙට පෙරහුරුවක්




කොවිඞ් මර්දන එන්නතක් ලබා දීමේ පෙරහුරුවක් හෙට දිනයේ සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. 

මේ අතර, කොළඹ ජාතික රෝහලේ අද පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වූ බවයි.