Thursday, April 25, 2024

General line - 0115112241

මැතිව්ස් ගේ ඉනිමෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වනවිට, පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 04 ක් දැවී ලකුණු 229 ක් රැස් කරගෙන සිටියා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107 යි. එය ඔහුගේ 11 වන ටෙස්ට් ශතකය වන අතර එංගලන්ත කණ්ඩායමට එරෙහිව රැස් කළ 03 වන ටෙස්ට් ශතකය වනවා.

එමෙන්ම, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මැතිව්ස් රැස් කළ  පළමු ටෙස්ට් ශතකය ලෙසද එය වාර්තා අතරට එක්වනවා. දිනය නිමා වනවිට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 19ක්  රැස් කරගෙන සිටියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 52යි. ලහිරු තිරිමාන්න ලකුණු 43ක් රැස් කලා. පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 24කට කඩුළු 3 යි.