Friday, April 19, 2024

General line - 0115112241

සංචාරකයින් නිසා ලක්සලට හොඳ කලක්




සංචාරකයින් සදහා ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග සංචාරක කර්මාන්තය හා බැදුණු ක්‍ෂේත්‍ර ගණනාවකට ඉදිරියේදී සාර්ථක ඵල නෙලාගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ලක්සල සහ සළුසල නැවත පණගැන්වීමට මේ හරහා අවස්ථාව හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

කොරෝනා ව්‍යාප්තියෙන් පසු වසා දැමුණු මෙරට ගුවන් තොටුපළ සංචාරකයින් සඳහා ඉකුත් 21 වනදා සිට නිල වශයෙන් විවෘත කෙරුණා. එලෙස පැමිණෙන සංචාරකයින් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර ඔවුන්ට ගමන් කළ හැකි වන්නේද, සෞඛ්‍යා රක්ෂිත ජෛව බුබුළකට යටත්වයි.

එම ජෛව බුබුළ ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරකයින්ට නවාතැන් ගැනීමට හෝටල්, නැරඹීමට සුදුසු ස්ථාන මෙන්ම සමරු මිලදී ගැනීම් සඳහා අලෙවිසැල් ද ස්ථාපිත කර තිබෙනවා. ලක්සල සහ සළුසල ද එම ආයතන අතරට අයත්.