Friday, April 19, 2024

General line - 0115112241

නැගෙනහිර ජැටියේ ගැටළුව ආගමික නායකයින් වෙත




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට වරාය වෘත්තීය සමිති සූදානම් වනවා. සමස්ත ලංකා වරයා පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ පැවසුවේ මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ද ඉදිරියේදී දැනුවත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය විදේශිකයන්ට ලබාදීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සකස් කළ යෝජනාවලිය ජනතාව අතරට ගෙනයාමේ වැඩපිලිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේවනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, අදාළ පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය සමාගමක් හවුල් කර ගරනීමට ගෙන ඇති තීරණයත් සමගයි. මේවනවිට එහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, ඊයේ පැහැදිළි කිරීමක් සිදුකළා.