Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා පසෙක ලා රුසියාවේ විරෝධතා රැල්ලක් (PHOTOS)




රුසියාවේ මොස්කව් අගනුවර පුරා දැවැන්ත මහජන විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එලෙස විරෝධතාවයේ නිරත වන්නේ අත්අඩංගුවට ගෙන සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නිට පක්ෂපාතී රුසියානුවන්.

අගනුවරට කඩා වැදුනු විරෝධතාකරුවන්ගෙන් 3,000 ක් පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විරෝධතා රැල්ල සැලකෙන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව මෑත කාලයේදී සිදුකළ ප්‍රබල මහජන විරෝධතාවන්ගෙන් එකක් ලෙසයි. අගනුවරට රැස්වුණු විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් බැටන් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. 

විෂ ශරීර ගතවීමක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි සුවය ලබා ඉකුත් දා යළි සිය රට බලා පැමිණියා. එලෙස පැමිණි විපක්ෂ නායකවරයා ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගැනුණු අතර එයට එරෙහිවයි මෙලෙස විරෝධතා පැවැත්වෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු ලෙස ප්‍රකට නාවල්නිට විෂ ශරීර ගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ද, රුසියානු පාලනාධිකාරියටයි.

කෙසේවෙතත් අගනුවර පුරා මෙලෙස විරෝධතා පැවැත්වෙන්නේ රුසියාව පුරා නව්‍ය කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යපාත්වී ඇති පසුබිමක් තුළයි.