Friday, March 29, 2024

General line - 0115112241

ආසියාවේ කුඩු රජා, නෙදර්ලන්තයේදී කොටුවෙයි




ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක ප්‍රධානියෙකු වන සේ චී ලොප්, නෙදර්ලන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔස්ටේ්‍රලියාව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි.

චීනයේ උපත ලබා කැනේඩියානු පුරවැසිභාවය ඇති සේ චී ලොප්, 56 වන වියේ පසුවන අතර ආසියානු කලාපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ද ප්‍රකටයි. 

ආසියාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 70 ක පමණ දායකත්වයක් ලබාදී ඇති බවයි පැවසෙන්නේ. ඔස්ටේ්‍රලියාවට ද අවශ්‍යව සිටි සේ චී ලොප්, අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය වසර 10 ක පමණ කාලයක් පුරා උත්සහ දරා තිබෙනවා. ඒ, ඔස්ටේ්‍රලියාව තුළට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් සියයට 70ක් පමණ චී ලොප්, හරහා රටට ඇතුළුවීම හේතුවෙන්. 

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ආසියාව තුළ අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යම කර සිටි පුද්ගලයා ද වන්නේ  සේ චී ලොප්.