Thursday, March 28, 2024

General line - 0115112241

දිවයින පුරා මෙහෙයුමකින් 3000 කට අධික පිරිසක් අත්ඩංගුවට




සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයින් 3,520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් නිලධාරීන් 20,000 ක් පමණ මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ බවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය හමුවේ අපරාධකරුවන්ගේ ක්‍රියා වැඩිවීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි. 

රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,500 කට අධික සංඛ්‍යාවක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.