සමගි ජනබලවේගය, අද සිය බුද්ධි මණ්ඩපය පිහිටවූවා. ඒ, පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම බුද්ධ මණ්ඩපය වෘත්තීයවේදීන්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ.
ජනතාවාදී අධ්‍යයන හා වෘත්තීයවේදී බුද්ධ මණ්ඩපය ලෙස එය නම් කර තිබෙනවා.
මේ අතර සමගි ජනබලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. ඒ පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.