Friday, March 29, 2024

General line - 0115112241

සති 02 ක් පතලක් තුළ සිරවී සිටි චීන කම්කරුවන් 11 දෙනා බේරා ගැනේ




සති 02 කට අධික කාලයක් පුරා රත්‍රං පතලක් තුල සිරවී සිටි චීන කම්කරුවන් 11 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා. ඒ, දින ගනණාවක් පුරා සිදුකළ අඛණ්ඩ මුදා ගැනීමේ මෙහෙයුවලින් අනතුරුවයි. පතලේ සිරවී සිටි කම්කරුවන් පිරිස මුදා ගැනීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් කරා ඇතුළත් කළා. 

චීනයේ ෂැන්ගොන් ප්‍රදේශයේ පිහිටි රත්‍රං පතලක් එලෙස කඩා වැටීමකට ලක්වුණේ ඉකුත් 10 වනදායි. අනතුර සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 22 දෙදෙනෙකු පතල තුළ සිට තිබෙනවා. අනතුරින් එක් කම්කරුවෙකු මියගොස් ඇති අතර තවත් 10 දෙනෙකු පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණ වී නැහැ. පතල කඩා වැටීමෙන් කම්කරුවන් පිරිස සිරවී සිටියේ අඩි 1969 ක පමණ ගැඹූරු ස්ථානයකයි.