Thursday, April 25, 2024

General line - 0115112241

“එක රටක් එක නීතියක්” - අගමැති යළි අවධාරණය කරයි




එක රටක එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යයට ආණ්ඩුව මුල පුරා ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. ඒ, අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම වෙනුවෙන් පැවැති උත්සවයේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට පුරා නව අධිකරණ ශාලා 100 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. 

මෙම අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පැවසුවේ නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි. 

යටත් විජිත යුගයේ ඉදිකෙරුණු අළුත්කඩේ අධිකරණ ගොඩනැගිල්ල වෙනුවට අළුතින් මෙම අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. ඒ, අක්කර 06 ක භූමියකයි. අදියර 04 ක් යටතේ එහි ඉදිකිරීම් නිම කිරීමට නියමිතයි.