Thursday, April 25, 2024

General line - 0115112241

බස්නාහිර සිසුන්ගේ පැමිණීම සියයට 46 ඉක්මවයි




අද ආරම්භ වූ බස්නාහිර පළාතේ පාසැල් සඳහා සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සමස්ථයක් ලෙස එහි ප්‍රතිශතයව සියයට 46.52 ක්. වැඩිම සිසු සහභාගීත්වයක් එනම් සියයට 65 ඉක්මවූ ප්‍රතිශතයක් මතුගම අධ්‍යාපන කලාපයෙන් වාර්තා වී තිබෙනවා.

හෝමාගම, මීගමුව සහ කළුතර යන අධ්‍යාපන කලාපවලින් සියයට 50 ඉක්මවූ සිසු සහභාගීත්වයක් වාර්තා වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. අඩුම සිසු සහභාගීත්වය එනම්, සියයට 26.81 ක ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ කොළඹ අධ්‍යාපන කලාපයෙන්. 

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දරුවන් සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි. 

අද දහවල් 12 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සියලු පියවර ගෙන ඇති බවයි. 

බස්නාහිර පළාතේ සෙසු පාසැල් විවෘත කිරීම ගැන ඉදිරියේදී තීරණයක් ගනු ඇති.