Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත මන්ත්‍රී වසන්තගේ ආශ්‍රිතයින් සොයා CCTV පිරික්සයි




මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට දැනුම් දී ඇත්තේ ඡක්‍ඍ පරීක්ෂණය සිදුකර දින 08 කට පසුව බවට වාර්තා පළ වනවා. ඔහු PCR පරීක්ෂණයට මුහුණ දී ඇත්තේ ඉකුත් 16 වනදායි.

දින කිහිපයක් ගතවූවත්, ප්‍රථිපල නොලැබීම, කඩුගන්නාව දිසා රෝහලට ඇමතුම් ලබා ගත්ත ද ප්‍රතිඵල පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකිරීම හා තමන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොතිබීම හේතුවෙන් තමන් සුපුරුදු කටයුතුවල නිරත වූ බවයි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.

PCR පරීක්ෂණය සිදුකර දින 08 ක් යනතුරුත් එම වාර්තා නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ සොයා බැලීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. 

මේ අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ සමීප ආශ්‍රිතයින් හඳුනා ගැනීම සඳහා CCTV දර්ශන පරීක්ෂා කළ බව පාර්ලිමේන්තුව අද නිවේදනය කළා. ඒ, මන්ත්‍රීවරයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමත් සමගයි. ඔහු ඉකුත් 19 වනදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබෙනවා. පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් නොවන ඉකුත් 21 වනදාද, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවටයි තහවුරු වී ඇත්තේ. 

කෙසේවෙතත්, මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධාවිධාන නිසි පරිදි පිළිපැදීම හේතුවෙන් මෙම දින දෙකෙහිම සමීප ආශ්‍රිතයින් ලෙස කිසිඳු මන්ත්‍රීවරයෙකු වාර්තා නොවන බව ක්‍ක්‍ඔඪ දත්තවලින් තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් සුළු වශයෙන් හෝ ඇසුරු කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි පාර්ලිමේන්තුව පැවසුවේ. 

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ, ඔවුන් කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන්. ඔවුන් ඉකුත් දා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා සමග දේශපාලන සංවාදයකට සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ.