Saturday, April 20, 2024

General line - 0115112241

පාඨලීට කැපිල්ලක්ද? සමගි ජනබලවේගය උත්තර දෙයි




සිය පක්ෂය මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට තනතුරක් ලබා දීම සඳහා තීරණය කර ඇති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඊයේ දිනයේ සමගි ජනබල වේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී සමගි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලයද පත් කෙරුණා. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එහිඳී තනතුරක් හිමි වුයේ නැහැ. නෙත් නිවුස් ඒ සම්බන්ධයේන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

සමඟි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලය පත් කිරීමේ අරමුණ පිළිබඳවද  පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැහැදිලි කළා. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කළ  ආරාධනයට අනුව  තමන්  එම රැස්වීමට සහභාගීවූ බවයි. තමන් ඇතුලු දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමගි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව තමන්ගෙන්  විමසා සිටි අතර ඒ සඳහා සිය පූර්ණ එකඟත්වය පළ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බවත්, ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.