Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් සන්නාමය අවභාවිතා කරමින් අසත්‍ය පුවත් පතුරුවන පිරිසකට එරෙහිව CIDයට පැමිණිල්ලක් 




නෙත් නිවුස් සන්නාමය අවභාවිතා කරමින් පසුගිය කාල සීමාව පුරා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ අසත්‍ය පුවත් ප්‍රචාරණය කිරීම් කිහිපයක් දක්නට ලැබුනා.

මෑතකදීද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කල බවට හැඟවෙන අසත්‍ය පුවතක් අප ආයතනයේ සන්නාමය භාවිතා කරමින් පලකොට තිබූ අතර එවැනි කිසිඳු පුවතක් nethnews.lk හෝ අප ආයතනයට අයත් වෙනත් කිසිඳු වෙබ් අඩවියක පල කොට නොතිබිණි.

රජය සහ විවිධ අමාත්‍යවරුන් අපහසුතාවයට ලක් කරමින් මෙම කණ්ඩායම නෙත් නිවුස් සන්නාමය අව්භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුල පුවත් පළකරන බවට දිගින් දිගමට කරුණු අධීක්ෂණය කිරීමෙන් පසුව ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නෙත් ආයතනය තීරණය කර තිබෙනවා. 

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී සෑම අවස්ථාවකදීම නිවැරදි කරුණු රටේ පුරවැසියන් වෙනුවෙන් ගෙන ඒමට කැපවී සිටින නෙත් එෆ් එම් රේඩියෝව සහ නෙත් නිවුස් වෙබ් අඩවිය, සමාජ මාධ්‍යයේ හුවමාරු වන මෙවන් අසත්‍ය පුවත් හුවමාරු කිරීමෙන් වලකින ලෙස වගකීමක් සහිත රටේ මහජනතාවගෙන්  කාරුණිකව ඉල්ලා සිටිනවා.